වික්ටෝරියාවේ අපරාධවල වින්දිතයන් වෙනුවෙන් වන සේවා (Services for victims of crime in Victoria - Sinhalese)

වික්ටෝරියානු රජයේ, අපරාධවල වින්දිතයන් වෙනුවෙන් වන උපකාරක දුරකථන සේවා මගින් ඔබට හා ඔබේ පවුලේ අයට නොමිලේ උපදෙස් හා උපකාර සපයයි.

අපරාධවල වින්දිතයන් වෙනුවෙන් වන උපකාරක දුරකථන සේවාව

විවෘත වේලාවන්: සතියේ දින 7 ම 08.30 – 23.00 දක්වා,
අමතන්න: 1800 819 817
කෙටි පණිවුඩ: 0427 767 891
ඊමේල්: vsa@justice.vic.gov.au

පහත දැක්වෙන කරුණුු සඳහා දුරකථන සේවාව ඇමතීම, කෙටි පණිවුඩ හෝ ඊමේල් එවීම සිදු කළ හැකිය:

  • අපරාධයක් පොලිසියට පැමිණිලි කරන්නේ කෙසේදැයි සොයා බැලීමට
  • ඔබට උපකාර ලබා ගත හැකි වෙනත් සේවාවන් ගැන සොයා බැලීමට
  • වික්ටෝරියානු නීති පද්ධතිය ක්රියාත්මක වන්නේ කෙසේදැයි තොරතුරු ලබා ගැනීමට
  • ඔබට උසාවියක සාක්ෂිකරුවකු වීමට සිදු වේ නම්, අවශ්‍ය සහයෝගය ලබා ගැනීමට
  • ඔබ සුදුසුකම් ලබයි නම් - වන්දි හා මුදල් උපකාර ලබා ගැනීමට අයදුම් කිරීමට
  • ඔබ හා පවුලේ අය ආරක්ෂිතව තබා ගන්නේ කෙසේදැයි යන්න ගැන සොයා බැලීමට

ඔබ මේ අවස්ථාවේ අන්තරාවකට මුහුණ පා සිටියි නම්, බිංදු තුන ඔස්සේ (000) පොලිසිය අමතන්න. ඔබට පොලිස් ස්ථානයකට යෑම ද සිදු කළ හැකිය.

අපිි විවිධ අවස්ථාවලට මුහුණ පා සිටින පුද්ගලයන්ට උපකාර කරන්නෙමු

සෑම වසරක ම අපරාධවල වින්දිතයන් වන විවිධ වයස්වල, විවිධ ලිංගවලට හා පසුබිම්වලට අයත් දහස් ගණනකට උපකාර කරන්නෙමු.

අපරාධය පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමට ඔබට අවශ්ය නොවූවත් අපට උපකාර කළ හැකිය

අපරාධයක් පිළිඳව පොලිසියට පැමිණිලි කිරීමේ යහපත් හේතු ගණනාවක් වේ. ඔවුන් ඔබගේ පැමිණිල්ල ගැන බැරෑරුම්ව සළකනු ඇති අතර අපරාධය සිදු කළ තැනැත්තා සොයා ගැනීමට උත්සාහ කරනු ඇත. ඔවුන්ට ඔබව ආරක්ෂා කිරීමේ හැකියාව ද වේ.

පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට සූදානම් නැතිනම් හෝ පොලීසිය සමඟ කතා කිරීම ගැන කනස්සල්ලට පත්ව සිටී නම්, උපකාරක දුරකථන සේවාව:

  • ඔබට කතාබහ කර ඔබ මුහුණ පා සිටින අවස්ථාව අවබෝධ කරගැනීම
  • අපරාධය පිළිබඳව පැමිණිලි කිරීමට ඔබට අවශ්ය නොවූවත්, ඔබට උපකාරී විය හැකි සේවා ගැන සොයා බැලීම
  • ඔබට අවශ්ය නම්, පොලිසියට කතාකිරීමට අවශ්ය සහාය ලබා දීම.

ඔබට භාෂණ පරිවර්තකයකු භාවිත කළ හැකිය

ඔබට භාෂණ පරිවර්තකයකු අවශ්‍ය නම් නොමිලේ භාෂණ පරිවර්තකයකු සොයා දීමට උපකාර සේවාවට හැකිය. ඔබ වෙනුවෙන් භාෂණ පරිවර්තකයකු ලබා ගැනීමට වෙනත් කෙනෙකු හරහා ද ඔබට ඇමතිය හැකිය.

භාෂණ පරිවර්තකයකු ලබා ගැනීමට:

  1. 1800 819 817ඔස්සේ උපකාරක දුරකථන සේවාව අමතන්න
  2. ඔවුන්ට ඔබේ නම, දුරකථන අංකය හා භාෂාව පවසන්න
  3. එවිට භාෂණ පරිවර්තකයකු ඔබට ආපසු අමතනු ඇත.

භාෂණ පරිවර්තකයා ආපසු අමතන විට එය ඔබේ ජංගම දුරකථනයේ 'private number', 'blocked' හෝ 'no caller ID' සේ දිස් විය හැකිය.

Services for victims of crime in Victoria - information in Sinhalese (සිංහල)
PDF 223.29 KB
(opens in a new window)

Updated